COLOMBO (News 1st) Update 12.45PM - පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මියගියේ අද අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.
එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක් ද සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා
අද දින උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ කණ්ඩායමක් එම සැකකරුත් සමග තවත් මත්ද්‍රව්‍ය පිළිබඳ මෙහෙයුමකට මෙම සැකකරු රැගෙන ගොස් තිබෙනවා. මාළිගාවත්ත පොලිස් වසමේ ඇපල්වත්ත, ලක්සිත සෙවණ නිවාස සංකීර්ණය වෙත. සැකකරුත් සමග රැගෙන ගිය අවස්ථාවේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරු මාකඳුරේ මධුෂ් මිය ගොස් ඇති බව වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ වගේම අපරාධ කොට්ඨාසයේ වාහනයකටත් අලාභ හානි සිදුව තිබෙන බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම මෙම මෙහෙයුමේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 22ක් මහල් නිවාස සංකීර්ණයේ 10 වැනි තට්ටුවේ නිවසක තිබී සොයාගත් බවට වාර්තා වෙනවා. සැකකරුගේ මියයෑම සම්බන්ධයෙන් අද දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයත් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.
සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් 2006 වසරේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනය ඇතුළු තවත් ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අදාළ සැකකරුවෙකි.
ඔහු මිය යනවිට 41 වැනි වියේ පසු විය.
පසුගිය වසරේ පෙබරවාරි මස 05 වැනිදා සාදයකට සහභාගී වී සිටි මධුෂ්ව ඩුබායිහි එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාව වෙත එවනු ලැබුවේ පසුව කරන ලද ඉල්ලීමක් මතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගනු ලැබුවේ, 2019 මැයි මස 05 වැනි දින කටුනායක ගුවන්තොටුපොළේදී ය.
ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන දීර්ඝ කාලයක් ප්‍රශ්න කරමින් විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ , පසුගිය 16 වැනිදා මෙම සැකකරු තවදුරටත් විමර්ශනය කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් බවයි.
===========================================
COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද අලුයම සිදු වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.
එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 22ක් ද සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/445373423112552/