21 ප්‍රහාරය ගැන අප්‍රේල් 11 වැනි දා වනවිට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටියා – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

කර්තෘ Staff writer

19 Oct, 2020 | 7:42 pm

COLOMBO (News 1st) – සහරාන් හෂීම් බෝම්බ ප්‍රහාරයන් සැලසුම් කර තිබූ බවට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 11 වැනි දා වනවිට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත් වී සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද ප්‍රකාශ කර තිබේ.

ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද සාක්ෂි ලබා දුන්නේ 24 වෙනි දිනටයි.

ඒ අනුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම අද සිදු කළේ ය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]