20 ගැන විවාදය කල් දාන්න-විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි

20 ගැන විවාදය කල් දාන්න - විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි

by Chathuranga Rajapaksha 19-10-2020 | 11:45 AM
COLOMBO (News 1st): මේ සතියේ පැවැත්වීමට නියමිතය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ රජය ප්‍රමාද වී හෝ ගැසට් කරන ලද රෙගුලාසි අනුව මෙම විවාදය පවත්වන්නේ නම් දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බවත්, රැස්වීම් පැවැත්වීම සීමා කර ඇති අවස්ථාව පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරිතිවලට පටහැනි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙන්වා දෙනවා. ඔහු කතානායකවරයා වෙත යැවු ලිපියෙන් විමසා ඇත්තේ නීති සම්පාදන කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද යන්න පිළිබදවයි.