රිෂාඩ් බදියුදීන් ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ්

by Staff writer 19-10-2020 | 6:05 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන අත්අඩංගුවට ගැනුණි. ඒ, දෙහිවල ප්‍රදේශයේදීය. පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.