බදියුදීන්ට රැකවරණය දුන් 07ක් අත්අඩංගුවට

බදියුදීන්ට සැඟව සිටීමට රැකවරණය දුන් වෛද්‍යවරියක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 19-10-2020 | 3:00 PM

COLOMBO (News 1st): පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැඟව සිටීමට රැකවරණය දීම සම්බන්ධයෙන් වෛද්‍යවරියක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තව ත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. ඔහු මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.