ඇඳිරි නීතිය ප්‍රදේශ: වාහන නතර කිරීම තහනම්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී වාහන නතර කිරීම හෙට සිට තහනම්

by Staff writer 19-10-2020 | 4:43 PM

COLOMBO (News 1st) - නුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම නීතිය හෙට(20) සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ඔහු මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-19-AJITH-ROHANA-ED-GAMPAHA-CURFEW-online-audio-converter.com_.mp3"][/audio]