ගලේවෙලදී දියේ ගිලී දරුවන් තිදෙනෙකු මරුට

ගලේවෙලදී දියේ ගිලී දරුවන් තිදෙනෙකු මරුට

by Staff writer 19-10-2020 | 3:49 PM

COLOMBO (News 1st) – ගලේවෙල, රන්මැඬියාව, කොස්පොත ඇලේ වතුර වලක ගිලීමෙන් දරුවන් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 12 සහ 15 ක ගැහැණු දරුවන් දෙදෙනෙකු හා අවුරුදු 7 පිරිමි දරුවෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් අද උදෑසන දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබේ. දරුවන්ගේ මළ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.