by Staff writer 18-10-2020 | 10:45 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් මෙවර නවසීලන්ත පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ.
ඇය නමින් වනුෂි වෝල්ටර්ස්.
වනුෂිගේ ශ්‍රී ලාංකික පසුබිම පදනම් වන්නේ යාපනයේ මානිප්පායි ප්‍රදේශයටයි.
නීතිඥ වනුෂි වොල්ටර්ස් 1932 මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ පළමු තාන්තාව වන නේසම් සරවනමුත්තු මහත්මියගේ මී මිනිපිරියකි.
ජසින්ඩා ආර්ඩන් අග්‍රාමාත්‍යවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය.
වනුෂි මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වුණේ
නවසීලන්තයේ වයඹදිග ඕක්ලන්ඩ්හී අපර් හාබර් ප්‍රදේශය ජයගැනීමත් සමගිනි.
ජාතික අපේක්ෂකයෙකු ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන්හී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජේක් බෙසන්ට්ව පරාජය කරමින්,
එහිදී වනුෂි මනාප 14,142ක් ලබාගත් අතර බෙසන්ට්ට ලබාගත හැකිවූයේ මනාප 12, 727ක් පමණි.
වනුෂි වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතිවේදිනියක වන අතර මානව හිමිකම් කොමිසමේද සාමාජිකාවකි.
මෙවර මැතිවරණයෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 64 ක බලය තහවුරු කර ගැනීමට වනුෂී නියෝජනය කරන, අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ගේනායකත්වයෙන් යුත් මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය සමත් විය.