by Staff writer 18-10-2020 | 4:55 PM
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් ආසාදිතයින් 22 ක් අද හඳුනා ගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව එම පොකුර ආශ්‍රිතව ආසාදතයින් සංඛ්‍යාව 2036 ක් දක්වා ඉහළ ගිය බවයි.
අද හඳුනා ගැනුණු ආසාදිතයින් විසි දෙදෙනාම මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.
මේ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5497 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2081 කි.
අද පස්වරුවේ තව ත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3403 කි.