නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්න ජනතා අදහස් ඉල්ලයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ආණ්ඩුව මහජනතාවගෙන් අදහස් ඉල්ලයි

by Staff writer 18-10-2020 | 7:18 PM

COLOMBO (News 1st) - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අදාළව අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් අදහස් හා යෝජනා ඉල්ලා තිබේ.

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට අදාළව ඕනෑම යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒ සඳහා කැමති ඕනෑම පුද්ගලයෙකුට හැකියාව ඇති බවය. එම යෝජනා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් නොවැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර මීට අදාළව පත් කළ විශේෂඥ කමිටුවේ ලේකම් වෙත ඉදිරිපත් කළ හැකිය. මාතෘකා 12 ක් යටතේ යෝජනා ඉදිරිපත් කළ යුතු වේ. 1) රාජ්‍යයේ ස්වභාවය 2) මූලික අයිතිවාසිකම් 3) භාෂාව 4) රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ මූලික යුතුකම් 5) විධායකය 6) ව්‍යවස්ථාදායකය 7) ජනමත විචාරණය, ඡන්ද බලය සහ මැතිවරණ 8) විමධ්‍යගතකරණය, බලය බෙදාහැරීම 9) අධිකරණය 10) රාජ්‍ය මූල්‍ය 11) මහජන ආරක්ෂාව 12) ඉහත සඳහන් නොකළ වෙනත් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් ඉදිරිපත් කිරීම් හැකි තරම් සංක්ෂිප්තව ඉදිරිපත් කළ හොත් කමිටුව එය අගය කරන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉදිරිපත් කිරීම් ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර පහත විද්‍යුත් ලිපිනයට ද එවිය හැකිය. [email protected]