ගම්පහ පීඩාවට පවුල්වලට රු. 5000 ක්

ගම්පහ පීඩාවට පවුල්වලට රු. 5000 ගෙවීමට මුදල් වෙන් කෙරේ

by Staff writer 18-10-2020 | 11:38 AM

COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීම අනිද්දා (20) සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ , ඒ සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කර ඇති බවයි. දිස්ත්‍රික්කයේ පවුල් 75,000 කට එම සහනය ලබාදීමට නියමිතය. පසුගිය 14 වැනිදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම දීමනාව ලබාදෙනු ඇති.