by Staff writer 18-10-2020 | 10:40 AM
COLOMBO (News 1st) – වාද්දූව ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුවෙකුගේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියූ බව කියන විභාග පරීක්ෂකවරයෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ශාලාධිපතිවරයාගේ පැමිණිල්ලක් අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
මේ අතර කළුතර , කොළඹ , ගම්පහ සහ මීගමුව ප්‍රදේශවල උසස් පෙළ විභාග මධ්‍යස්ථානවලින් විභාග වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, එම සිද්ධින්ට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි.
විභාග වංචා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.
සෑම විභාග මධ්‍යස්ථානයක වංචා සහ අක්‍රමිකතා සෙවීමට සහකාර ශාලාධිපතිවරයකු පත් කර තිබේ.
විභාග වංචාවල යෙදෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටුවා ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අතර අක්‍රමිකතාවලට සම්බන්ධවන පරික්ෂකයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා අවධාරණය කළේ ය.