සටන් විරාමය උල්ලංඝණය කළ අසර්බයිජානයට චෝදනා

අසර්බයිජානය මානූෂීය සටන් විරාමයක් උල්ලංඝණය කළ බවට ආර්මේනියාවෙන් චෝදනා

by Staff writer 18-10-2020 | 9:15 AM

COLOMBO (News 1st) – අසර්බයිජානය මානූෂීය සටන් විරාමයක් උල්ලංඝණය කළ බවට ආර්මේනියාව චෝදනා කර තිබේ.

නගොර්නෝ - කර්බක් කලාපයේ එරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේදී මෙම සටන් විරාමය ආරම්භ කිරීමට ගිවිසුම්ගත වී තිබුණි. නමුත් ආර්මේනියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ, අසර්බයිජානය එම කාලසීමාව තුළ රොකට් සහ ෂෙල් ප්‍රහාර එල්ල කරමින් සටන් විරාමය බිඳ දැමූ බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාවලට අසර්බයිජානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.