20 ගැන සාකච්ඡාව අවසන්

අගමැති සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 20 ගැන කළ සාකච්ඡාව අවසන්

by Staff writer 18-10-2020 | 3:28 PM

COLOMBO (News 1st) – 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද පස්වරුවේ අවසන් විය.

රැස්වීම පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම ලබන 21 සහ 22 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිතය. =================== COLOMBO (News 1st) / 3.30PM – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(18) පස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මෙම රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම ලබන 21 සහ 22 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිතය.