වාප්පු සේවා සංගමයෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න - ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය රේගු අධ්‍යක්ෂකගෙන් ඉල්ලයි

by Staff writer 18-10-2020 | 8:03 AM

COLOMBO (News 1st) – රේගු නිෂ්කාශන කටයුතවල නිරතවන තම සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ , නිෂ්කාශන ලියවිලි භාරදීමට තම නියෝජිතයින් හා ලිපිකරුවන් දිගු පෝලිම්වල පැය ගණනාවක් රැඳී සිටින බවයි. පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන් අවදානමකට ලක් වී ඇති බව ලංකා වාප්පු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.අයි ආබ්ඩීන් මහතා සඳහන් කළේ ය. මේ පිළිබදව ශ්‍රී ලංකා රේගුවෙන් විමසීම එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැහැ.