කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් නිරෝධායනයට

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

by Staff writer 18-10-2020 | 9:11 AM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ , අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි. අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.