20 ගැන අධිකරණ අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් කරන්නේ නැහැ - අධිකරණ අමාත්‍යාංශය

by Staff writer 17-10-2020 | 9:41 PM

COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ, 21 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු ඊට අදාළව කටයුතු කරන බවය. ආණ්ඩුව යෝජනා කර ඇති සංශෝධනයන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා අදාළ සංශෝධනයන්හි වෙනසක් සිදු වන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත එය සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය පැවසීය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුවලට අනුව අදාළ සංශෝධනයන් සිදු කරන බව ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.