කොටිකාවත්තෙන් රු. කෝටි 10 ක හෙරොයින්..

රුපියල් කෝටි 10 ක හෙරොයින් කොටිකාවත්තේදී අල්ලයි..

by Staff writer 17-10-2020 | 1:22 PM

COLOMBO (News 1st) : රුපියල් කෝටි 10ක වටිනාකමක් යුත් හෙරොයින් තොගයක් කොටිකාවත්ත ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එහි ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් බවයි. දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ අපරාධ කොට්ඨාසය භාරයේම පසුවන මොහොමඩ් සුහයිර් නැමැත්තා සඟවා තැබූ හෙරොයින් තොගයක් පවතින බවයි. ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම හෙරෝයින් තොගය අද අලුයම සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.