මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් 73 ක්

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1972 දක්වා ඉහළට

by Staff writer 17-10-2020 | 6:02 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් ආසාදිතයින් 73 දෙනෙකු අද හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින් දෙදෙනෙකු මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් 71 දෙනෙකු එලෙස හඳුනා ගැනුණු බවයි. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සංඛ්‍යාව 1972 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වනවිට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 5427 කි. ආසාදිතයින් 2019 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.