ජින්තුපිටිය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට අද PCR

ජින්තුපිටිය කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට අද PCR පරීක්ෂණ

by Staff writer 17-10-2020 | 7:21 AM

COLOMBO (News 1st) : කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයා ගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද දිනයේ PCR පරීක්ෂණ සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, අද දිනයේ PCR පරීක්ෂණ 100 ක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි මෙම සතිය පුරාම අහඹු ලෙස සාම්පල් ලබාගැනීම් සිදු කර PCR පරීක්ෂණ සිදු කළ බව ද වසංගත රෝග වෛද්‍යවරිය සඳහන් කළාය. කොළඹ මහ නගර සභාවේ සේවකයින්ගෙන් ඊයේ දිනයේ ලබාගත් PCR පරීක්ෂණවල වාර්තා ලැබීමට තිබෙන බව ඇය ප්‍රකාශ කළාය. කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදානේ පිහිටි පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලට සහ මරදානේ පිහිටි නගර සභාවට අයත් ගොඩනැගිල්ලකට ජනතාවට ඇතුළු වීම සති 02 කට මේ වනවිට සීමා කර තිබේ.