කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුටත් කොරෝනා

කොළඹ නැව් තටාංගනයේ සේවකයෙකුටත් කොරෝනා

by Staff writer 17-10-2020 | 4:36 PM

COLOMBO (News 1st) - ගාල්ල, කිතුලන්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ, ඔහු කොළඹ නැව් තටාංගනයේ සේවය කරන පුද්ගලයෙකු බවයි. ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු ආශ්‍රිතයින් කිහිපදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වෛද්‍යවරයා පැවසීය. මේ වනවිට මාතර සහ තිස්සමහාරාමයේ පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති අතර පළාතේ 1500 කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.