by Staff writer 17-10-2020 | 3:40 PM
COLOMBO (News 1st) : මෙරටින් පිටව යන ගුවන් මගීන්ට පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ , හෙට පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.