English
தமிழ்
කර්තෘ Staff writer
17 Oct, 2020 | 8:54 pm
ඔහු එසේ පැවසුවේ, ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන ජනාධිපති කොමිසම හමුවේ සිව්වැනි දිනටත් සාක්ෂි දෙමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවක වාර්තාවක් එලෙස වෙනස් කිරීමට තරම් තමා පහත් අමනෝඥ තත්ත්වයකට පත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ය.
ඔහු පැවසුවේ, කමිටුව පත් කිරීමේදී සම්පූර්ණ කාර්ය භාරය ඉටු කළේ එවක ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා බවයි.
මේ අතර අන්තවාදය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙතින් ලැබී තිබුණු වාර්තා අනුව එය වැළැක්වීම සඳහා තමා අවශ්‍ය උපදෙස් හා නියෝග දුන් බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවත් එම සාකච්ඡාවලට අදාළ ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතැයි අනුමාන කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ය.
හිටපු ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් විධායක ජනාධිපතිවරයා ලෙසත් ඔබතුමා දෙන ලද උපදෙස් හා නියෝග ක්‍රියාත්මක වී නැත්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය.
හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, තමා උපදෙස් හා නියෝග ලබාදී තිබුණත් පහළ සිටින නිලධාරීන් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවක් පෙනෙන්නට ඇති බවය.
ඒවා ක්‍රියාත්මකවීම ගැන නිසි පරිදි පසුවිපරමක් සිදුව නොමැති බව පෙනෙන්නට තිබෙනවා නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය.
ඔහුගේ පිළිතුර වූයේ ”මම නිසි පරිදි උපදෙස් දීලා තිබෙන්නේ. පහළ නිලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. එසේ ක්‍රියාත්මක වූවා නම් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.”යන්නයි.
ජනාධිපතිවරයා ලෙස සිය පාලන කාලය තුළ පැවති අර්බුදකාරී දේශපාලන වාතාවරණය මත නිසි උපදෙස් නොලැබීම නිසා අන්තවාදීන්ට බෝම්බ පිපිරවීමට හැකිව ඇති බවට යෝජනා කිරීම නිවැරදි දැයි කොමිසම විමසුවේ ය.
හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අද අවසන් කෙරුණු අතර හරස් ප්‍රශ්න විමසීම ලබන 22 වැනි දා පස්වරු 4.00ට ආරම්භ කිරීමට නියමිය.
17 Mar, 2021 | 04:45 PM
09 Jan, 2021 | 10:45 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS