by Staff writer 16-10-2020 | 10:42 PM
COLOMBO (News 1st) - රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ද තවමත් ක්‍රියාත්මක වේ.
ඔහු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර අද(16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණියේය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ, රිෂාඩ් බදියුදීන් මහතා සහ විපක්ෂ නායකවරයා අතර දුරකතන ඇමතුමක් ඇති වූයේ ඇයිදැයි අපරාධ පරීක්ෂණ නිලධාරීන් එහිදී විමසා ඇති බවයි.
සිය මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂ නායකයා සතු කාර්‍යභාරයක් මෙන්ම වගකීමක් බව සිහිපත් කරන විපක්ෂ නායක මාධ්‍ය අංශය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස සිය වගකීම අකුරටම ඉටු කර ඇතිබව අවධාරණය කර තිබේ.
විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පවසා දින 2ක් ගතවී ඇතත් එය සිදු නොවීමෙන් ආණ්ඩුව සහමුලින්ම තිර පිටපතකට කටයුතු කරන බව පෙනී යන බවයි.