by Staff writer 16-10-2020 | 2:24 PM
COLOMBO (News 1st) : තම නැවත අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියම කළේ ය.
ඒ එම පෙත්සම මහින්ද සමයවර්ධන හා අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදියි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ කිසිවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට නැවත නොතීසි යවන ලෙසට විනිසුරු මඩුල්ල පේතසම්කාර පාර්ශවයට නියෝග කළේ ය.
වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂකවරයා හා එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 7 දෙනෙකු පෙත්සමෙන් වගඋත්තකරුවන් ලෙස නම්කර තිබේ.
මේ අතර රියාජ් බදියුදීන් අධිකරණයෙන් ඉල්ලා ඇත පරිදි ඔහු අත්අඩංගුවට ගැනීම වළකන නියෝගයක් නිකුත් නොකරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත්සරණ අධ්‍යක්ෂ නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා ද අභියාචනාධිකරණයට අද අතරමැදි පෙත්සමක් ගොනු කළේ ය.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරීමකින් තොරව නිදහස් කිරීම නීතිවිරෝධී බවට නිගමනය කරනා ලෙස පෙත්සමින් ඉල්ලා තිබේ.
ඔහු සම්බන්ධයෙන් නැවත මුල සිට විභාගයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරනා ලෙසත් එම අතරමැදි පෙත්සම මගින් ලෝරන්ස් රාමනායක පියතුමන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.