by Staff writer 16-10-2020 | 10:31 PM
COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ, බල වියරුව උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20වැනි සංශෝධනයට වඩා තිරසාර නවීන සෞඛ්‍ය පනතක් සම්මත කර ගැනීම වැදගත් බවයි.
බරපතල පීඩාවකට ලක්ව තිබෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බල අරගලය සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
විපක්ෂ නායකවරයා පවසන්නේ, ජන ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනු ඇතැයි විශ්වාස කළ ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න සුවිශාල ජන වරමක් ලබා දුන් බවයි.
නමුත් ඊට ආණ්ඩුව ලබා දෙන ප්‍රතිචාරය වන්නේ ඉතා වේගයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමනකට යොමුවීම බවයි.