by Staff writer 16-10-2020 | 8:15 PM
COLOMBO (News 1st): ජාතික සංවිධාන එකමුතුව, කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතල තත්ත්වයන් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර තිබේ.
ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියක දැක්වුණේ ඇතැම් කාරණා හේතුවෙන් කොවිඩ් පළමු රැල්ල සාර්ථකව මැඩලීම මගින් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දිනාගත් මහජන ප්‍රසාදය හා ගෞරවය අහිමි වී යන බවය.
මේ වනවිට සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති එවැනි කරුණු ආශ්‍රිතව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඔවුන් පවසන්නේ යම් පාර්ශවයන් විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන් හෝ රජයට එරෙහිව කුමන්ත්‍රණකාරී ක්‍රියාවක නිරත වී ඇත්නම් ඔවුන් හෙළිදරව් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.