by Staff writer 15-10-2020 | 6:28 PM
COLOMBO (News 1st) - නීති විරෝධී පරිසර විනාශයන් වැටලීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, හමුදාවේ හා පොලීසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවීමට නියමිත බවයි.
සිදුවන පරිසර විනාශයන් ක්ෂණිකව වැටලීම සඳහා එම ඒකකය හරහා හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේය.
පරිසරයට සිදුවන හානිය පිළිබදව දැනුවත් කිරීම සදහා ද ක්ෂණික දුරකථන ඇමතුම් අංක කිහිපයක් හදුන්වා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
1991 දුරකතන අංකය පරිසර අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන අතර මධ්‍යම පරිසර අධිකාරිය 1981 දුරකතන අංකය ද හඳුන්වා දී තිබේ.
මීට අමතරව භූ විද්‍යා හා පතල් කාර්යාංශය 1921 දුරකතන අංකය ද හඳුන්වා දී තිබේ.