නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක්

by Staff writer 15-10-2020 | 5:31 PM

COLOMBO (News 1st) -නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් යොදා තිබේ. නව ගැසට් පත්‍රය තුළ පහත සඳහන් නීති ඇතුළත් වේ.

?සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුල්වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම. ?දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම. ?සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම. ?විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම. ?ඇතුල්වන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධකර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම. ?සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම.