home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
by Staff writer
15-10-2020 | 11:01 PM
COLOMBO (News 1st) - සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රයට ඇතුළත් නීති අතරට, කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම, *සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය. *තැනැත්තන් දෙදෙනෙකු අතර, මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු ය. *සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම. *දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම. සේවා ස්ථානයට ඇතුළු වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම. *විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම. *ඇතුළුවන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධකර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම. සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම. ඇතුළත් ය. රෝගී ප්‍රදේශයක අත්‍යවශ්‍ය සේවාවක් හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් සුපිරි වෙළදසැලක , වෙළදසැලක , බිහි වෙළද පොලක හෝ වෙනත් යම් ව්‍යාපාරික ස්ථානයක අයිතිකරු හෝ එහි කාර්යභාර යම් තැනැත්තෙකු විසින් නිසි බලධරයා විසින් වරකට එකී පරිශ්‍රය තුළ සිටිය හැකි බවට අවසර දී ඇති උපරිම තැනැත්තන් සංඛ්‍යාව නොඉක්මවිය යුතු ය. එවැනි පරිශ්‍රයක් වෙත ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකම මුව වැස්මක් පැළඳ සිටින බවට සහතික විය යුතු බව, තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම එවැනි ස්ථානයකට ඇතුළු වන තැනැත්තන් ඇතුළුවීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම. විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම. සහ නිසි බලධරයා විසින් රෝග වැළැක්වීමේ පියවර වලට අනුකූලව ක්‍රියාකරනු ලැබිය යුතු වීම යන නව නීතිවලින් සමන්විතයි.
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය