by Staff writer 15-10-2020 | 3:09 PM
COLOMBO (News 1st ) –මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හදුනාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඉන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයා ගත් බවයි.
සෙසු අසාදිතයින් 36 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 5219 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1826 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.