by Staff writer 15-10-2020 | 3:05 PM
COLOMBO (News 1st) : පවතින කොරෝනා අවදානම පාලනය කිරීම සඳහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමා කර තිබේ.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක පැවසුවේ, රෝහලේ තදබදය අවම කිරීමට අවශ්‍ය වෙන නිසා සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවන්වලදී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බවයි.
මීට අමතරව ජාතික රෝහලේ සායනික කාඩ් පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබා ගත හැකියි.
තව ද රෝහල තුළට රෝගීන් බැලීමට එන ජනතාව සීමා කර ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.