ලබන 31 දක්වා සියලුම සිනමා ශාලා වැසේ

කොරෝනා නිසා ලබන 31 දක්වා සියලුම සිනමා ශාලා වැසේ

by Staff writer 15-10-2020 | 4:50 PM

COLOMBO (News 1st) - ඔක්තෝම්බර් 31 වැනි දිනතෙක් සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

දැනට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේය.