කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට උණුසුම් තත්ත්වය

කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

by Staff writer 15-10-2020 | 12:57 PM
COLOMBO (News 1st) : පසුගිය දා ආන්දෝලනයක් ඇති කරමින් කඩා දැමුණු කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට අද උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය. අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සහ මහා සංඝරත්නය  එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබිණ. එහෙත්, පොලීසිය එය වළක්වන නියෝගයක් ලබාගෙන තිබුණේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙනි. කරුණාරත්න මහතා ඇතුළු පිරිස එහි පැමිණීමෙන් අනතුරුව පොලීසිය විසින් එම අධිකරණ නියෝගය ඔහුට ලබා දුන්නේ ය. එම ස්ථානයට පැමිණ සිටි කුරුණෑගල නගරාධිපතිවරයාට සහය පළ කරන පිරිසක් නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසට ඉවත්ව යන ලෙස දන්වමින් ඝෝෂා කළහ. අනතුරුව පොලීසියේ මැදිහත්වීම සහ, නගරාධිපතිවරයාට සහය පළ කළ කණ්ඩායමේ විරෝධය හමුවේ නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගියහ. මෙම ගොඩනැගිල්ල කඩා දමා අදට මාස තුනකි. https://www.facebook.com/NewsfirstSL/videos/1767627430093130/