තවත් පොලිස් බල ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ත් නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 15-10-2020 | 7:11 AM
COLOMBO (News 1st) : අද උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි. මේ වන විට පොලිස් බල ප්‍රදේශ 19 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වේ. ඒ අනුව ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල මෙන්ම කැලණිය කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවල සහ මීගමුව කොට්ඨාසයේ ද, සීදූව පොලිස් බල ප්‍රදේශවලට අද දිනයේත් නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වේ. එමෙන්ම එම බලප්‍රදේශවල සියලු වෙළඳසල් අද දිනයේත් වසා තැබිය යුතුයි.