නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක්

නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක්

කර්තෘ Chathura Sooriyabandara

15 Oct, 2020 | 5:31 pm

COLOMBO (News 1st) -නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් යොදා තිබේ.

නව ගැසට් පත්‍රය තුළ පහත සඳහන් නීති ඇතුළත් වේ.

🔺සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුල්වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම.

🔺දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

🔺සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

🔺විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම.

🔺ඇතුල්වන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධකර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම.

🔺සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම.

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]