තවත් පොලිස් බල ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය

by Sagarika Chathumali 14-10-2020 | 6:26 PM
COLOMBO (News 1st) : හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි. මේ අතර මේ වන විට පොලිස් බල ප්‍රදේශ 18 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙනු ඇති. https://www.youtube.com/watch?v=eoNbhmkqwFE&feature=youtu.be