අලගරත්නම් මනෝරන්ජන් CID අත්අඩංගුවට

රිෂාඩ් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටි ගණකාධිකාරවයා අත්අඩංගුවට

by Staff writer 14-10-2020 | 4:04 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටි සැකකරුවන් 3 දෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරවරයෙකු වන අලගරත්නම් මනෝරන්ජන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ කිරුළපන ප්‍රදේශයේදීයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මොහොමඩ් යාසින් යන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2760055187546823/