ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය

''මුලතිව්හිදී මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් නීතය හමුවට පමුණුවන්න.'' - වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

by Staff writer 14-10-2020 | 5:39 PM
COLOMBO (News 1st) : මුලතිව්, මුරිප්පුහි නීතිවිරෝධි දැව ජාවාරම් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි, වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටී. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි. තව ද මෙම ප්‍රාහරය පිටුපස වැලි ජාවාරම්කරුවන් සහ පරිසරය  විනාශ කරමින් දැව ජාවාරමේ යෙදී සිටින්නන් සිටින බව එම සංගමය අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත. මේ අතර පසුගිය දිනක මොනරාගල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට එලල් වූ මැර ප්‍රහාරය පිටුපස ද වැලි ජාවාරම්කරුවන් සිටින බව හෙළි වී ඇතැයි, එහි සඳහන් ය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මින් පෙර කාලවලදී ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ පහරදීම්, තර්ජන එල්ල වීම් හමුවේ බොහෝ ජන මාධ්‍යවේදීන් රට හැර යාමට පවා පෙළඹුණු බවයි.