මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක්

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක්

by Staff writer 14-10-2020 | 10:10 PM
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 113 දෙනෙකු හඳුනා ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් අද දින මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 130 කි. ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්යමණ්ඩල සාමාජිකයින් ය. සෙසු අසාදිතයින් 108 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය. ඒ අනුව එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 කි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5168 දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1798 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.