යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කෙරේ..

යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කෙරේ..

by Staff writer 14-10-2020 | 9:30 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කර තිබේ .

ඒ අනුව, බ්‍රිතාන්‍යය අදියර තුනකින් යුත් කොරෝනා රෙගුලාසි ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. චෙක් ජනරජය සඳහන් කළේ, සති තුනක කාලයක් එරට පාසල් , තැබෑරුම් සහ රාත්‍රී සමාජ ශාලා අර්ධ වශයෙන් වසා දමන බවයි . මේ වනවිට යුරෝපයේ පුද්ගලයන් ලක්ෂයකින් වැඩිම ආසාදිතයන් වාර්තාවන රට වන්නේ චෙක් ජනරජයයි . නෙදර්ලන්තය අර්ධ වශයෙන් වසා දමන බවට නිවේදනය කර ඇති අතර එරට ජනාකීර්ණ ස්ථාන තුළදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ . මේ අතර යුරෝපයේ රටවල් රැසක රෝහල්ගතවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ . ප්‍රංශ ජනාධිපතිවරයා ද අද එරට කොරෝනා මර්දන රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට සුදානම් වනබව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මීට අමතරව ඉතාලිය සහ ඔස්ට්‍රියාව ද ඒම රටවල කොරෝනා රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන තිබේ .