කොරෝනා ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

by Staff writer 14-10-2020 | 7:45 AM

COLOMBO (News 1st) - මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 5000 ඉක්මවා තිබේ.

ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 194 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඉන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. හඳුනා ගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 114 දෙනෙකු මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 ක් දක්වා ඉහළ ගියේය. මෙරටින් හදුනා ගත් කොරෝනා ආසාදිතයින් 1697 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. අමාත්‍යාංශය පැවසුවේ, රෝගීන් 3328 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.