බලංගොඩ තේ වත්තකට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට

by Staff writer 14-10-2020 | 11:25 AM

COLOMBO (News 1st) - බලංගොඩ, පිංනවල, වලවේ වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගස කඩා වැටීමෙන් පසු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය එම අවස්ථාවේදී එම කාන්තාවන් දෙදෙනා මියගොස් තිබෙන බව පොලීසිය පැවසුවේය.