අමරපුර සංඝ සභාවෙන් නිවේදනයක්

''20 ගැන මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැහැ'' - අමරපුර සංඝ සභාව

by Staff writer 13-10-2020 | 9:49 PM
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තම සංඝ සභාව කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි, අමරපුර සංඝ සභාවේ සභාපති පුජ්‍ය ගන්තුනේ අස්සජී හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම නියෝජිත සංඝ සභාව , පාලක සංඝ සභාව හෝ විධායක සංඝ සභාව රැස්වී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පිළිබඳව කිසිදු සාකච්ජාවක් නොකළ බවයි. මෙම සංශෝධනයේ ගුණදොස් විවේචනය කිරීමට නම් එහි එක් එක් වගන්ති පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කළ යුතු බව උන්වහන්සේ පවසති.