by Staff writer 13-10-2020 | 9:39 PM
COLOMBO (News 1st) : 19 වන සංශෝධනයේ ඇති ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය සහ වගකීමෙන් යුතු රාජ්‍ය පාලනය ප්‍රවර්ධනය කරන අංග ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ, 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර ජනතා අදහස් ලබාගැනීමට හැකිවන පරිදි සියලු සංශෝධන ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙසයි.
ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව, ලංකා සභාව, දකුණු ඉන්දියානු සභාව, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය, ශ්‍රී ලංකා ප්‍රෙස්බිටේරියන් සභාව, ක්‍රිස්තියානි රෙපරමාදු සභාව, ගැලවීමේ හමුදාව, ජනතා දේව සභාව, ශ්‍රී ලංකා සිව් චතුරශ්‍ර සභාව සහ සාමාජික සාමයික සංවිධාන රැසක් මේ නිවේදනයට අත්සන් කර තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දා සිටම ක්‍රියාත්මක කරන ලද සාමූහික අරගල හා ක්‍රියාකාරකම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නොසලකා හැර ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය නිකුත්කළ නිවේදනයෙන් පෙන්වාදී තිබේ.
එහි සඳහන් වන්නේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට දුර්වල පාර්ලිමේන්තු සභාවක් හඳුන්වාදීම , ජාතික විගණන කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම, ජනාධිතිවරයාගේ බලතල පුළුල් කිරීම හා හදිසි පනත් කෙටුම්පත් ගෙනඒමට අවස්ථාව ලැබීම යන කරුණු නැවත සලකා බලන ලෙසයි.