by Staff writer 13-10-2020 | 5:56 PM
COLOMBO (News 1st) : රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොමැති බවට අධිකරණය නියෝග කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අද පස්වරුවේ පොලීසියට උපදෙස් දුන්නේ ය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කියා සිටියේ, සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
ඒ අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුඩින් මහතා අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා අද වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ වරෙන්තු නියෝගය ඉල්ලා සිටියේ ය.
නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ, රාජ්‍ය මුදල් අවභාවිතය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි.