''ඔය ඊයේ වුණා කියන එක මම දන්නේ නැහැ''

''මහ නා හිමි නොදැනුවත්ව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි''- මහා නා හිමි

by Staff writer 13-10-2020 | 9:27 PM
COLOMBO (News 1st) : මහානායක හිමියන්ගේ දැනුවත්බවක් නොමැතිව ප්‍රකාශ කිරිම යෝග්‍ය නෙමැති බව ලේකම්වරු දැනගත යුතු යැයි, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමි පවසති. උන්වහන්සේ, මේ බව පැවසුවේ, ඊයේ ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී හිමිවරුන් කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව අද ප්‍රකාශයක් සිදු කරමිනි. මහනාහිමියන් වැඩිදුරටත් පැවසුවේ, භික්ෂු බව සහ දේශපාලනය වෙන වෙනම කාරණා බැවින් රාමඤ්ඤ නිකායක භික්ෂුන්වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ධ නොවිය යුතු බවයි.
''රාමඤ්ඤ නිකායක භික්ෂුන්වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ද නොවිය යුතුයි. භික්ෂු බව වෙන දෙයක් දේශපාලනය වෙන දෙයක් දෙක එකට සංකලනය කරන්නට සම්මිශ්‍රණය කරන්න බෑ''
තවද තමා ලෝකයා ප්‍රකාශ කරන සයලු දේ පිළිගන්නා කෙනෙක් නොවන බවත් ඊයේ දිනයේ සිදුවූ දේ පිළිබඳව තමන් නොදන්නා බව ත් ය.
''යම් යම් අය ප්‍රකාශ කරනවා අතිපුජ්‍ය මහානායක ස්වාමින්වහන්සේගේ අවධානය ලැබුනාය, උන්වහන්සේ දන්නවාය, උන්වහන්සේට මේ පිලිබදව දැනුමක් තිබෙනවාය, ආදිය සමහරු ප්‍රකාශ කරනවා. ඒ කරන ප්‍රකාශ මමත් පිලිගන්න කැමැති නැහැ. ඔය ලෝකයෝ ඔක්කෝම කියන දේවල් පිළිගන්න කෙනෙක් නෙවෙයි මම. මේ දිනවල ශාරීරික වෙහෙස නිසා මා වැඩිපුර ගමන් කරන්නේ නැහැ යන්නේත් නැහැ කොහොවත් ඒ නිසා ඔය ඊයේ වුනා කියන එක මම දන්නේ නැහැ. ඊයේ එහෙම රැස්වීමක් වුනානම් කිසිසේත්ම දන්නේ නැහැ. දැන් එහෙම රැස්වීමක් නිකාය පිලිබදව කෙරෙනවානම් විශේෂයෙන්ම මා දැනුවත් විය යුතුයි නේ. නැත්තම් එදාට ඉන්න මහා නායක හිමියන් ඒවා දැනගත යුතුයි නේ. මහා නායක හිමියන් දැනගන්නේ නැතුව ප්‍රකාශ කිරිම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි''