මර්වින් සිල්වා සත්‍ය ක්‍රියාවක

කොරෝනා රටින් තුරන් වේවායි පතමින් මර්වින් සත්‍ය ක්‍රියාවක

by Staff writer 13-10-2020 | 10:30 PM
COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අද උදෑසන සත්‍ය ක්‍රියාවක් ආරම්භ කළේ ය. ඒ පවතින කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙන්ම මුළු රටින්ම තුරන් වේවායි පාර්ථනා කරමිනි. කැලණිය, දළුගම බුළුගහහන්ධියේ පිහිටි කැලණිය ශ්‍රී උත්පලවර්ණ ශ්‍රී රංගනාථ මහා විෂ්ණු දේවාලයට පැමිණි මර්වින් සිල්වා මහතා ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සත්‍ය ක්‍රියාව ආරම්භ කළේ ය.   https://www.facebook.com/NewsfirstSL/videos/1057387948029767/