අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට

by Staff writer 13-10-2020 | 7:12 PM
COLOMBO (News 1st) : අද රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. ඒ අනුව ටින් මාළු (ලොකු) රුපියල් 200කට ද, බී ලූණු කිලෝව රුපියල් 100කට ද සීනි කිලෝවක් රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අතර මෙම භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇති බවයි. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල්වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇති. වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම සහන ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.