ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තුවක

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තුවක

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තුවක

කර්තෘ Staff writer

13 Oct, 2020 | 6:13 pm

COLOMBO (News 1st) : 2021 වසරේ මුල් භාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග මෙරටදී තරගාවලියක් පැවැත්වීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් විශ්වාසය පළ කරයි.

බී.බී.සී ලෝක සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු එහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට ශක්තිමත් ව්‍යුහයක් ඇති බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරය අතරමග නවතා දමා යළි සිය රටට පැමිණියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]